28.4 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුඩු අංජුගේ ගෝලයෙක් අයිස් සමඟ මාට්ටු

කුඩු අංජුගේ ගෝලයෙක් අයිස් සමඟ මාට්ටු

රත්මලාන කුඩු අංජුගේ ගෝලයෙකු අයිස් මත්ද්‍ර‍ව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමට සමගාමීව ඊයේ (21) ගල්කිස්ස පොලිස් වසමේ අංක 35/F, දුම්රිය නිවාසය, දුම්රියපොල පාර, රත්මලාන ලිපිනයට අදාල නිවස ඉදිරිපිටදී වැටලීමක් සිදුකර ඇත.

එහිදී අයිස් මත්ද්‍ර‍ව්‍ය ග්‍රෑම් 55 යි මිලි ග්‍රෑම් 600 ක් සන්තකයේ තබාගෙන රත්මලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක් වන රෝසා නමින් හදුන්වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සන්තකයේ තිබී ජංගම දුරකථනයක්, විද්‍යුත් තරාදියක් හා මුදලින් රුපියල් 15,000ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

පොලි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොහු දැනට විදේශගතව සිටන සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු අංජුගේ රත්මලාන ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන ඔහුගේ සමීපතම ගෝලයෙකු බවයි.