― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඩාලි නෞකාවේ ඉන්ධන ජලයට එක්වීමේ අවදානමක්

ඩාලි නෞකාවේ ඉන්ධන ජලයට එක්වීමේ අවදානමක්

පසුගියදා අමෙරිකාවේ බැල්ටිමෝර් වරායේ සිට ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් සිටියදී අනතුරට ලක්වූ ඩාලි නෞකාවෙන් ඩීසල් ගැලුම් මිලියන 1.8ක් පමණ ජලයට කාන්දු වීමේ අවදානමක් මතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ සම්බන්ධයෙන් වෙරළාරක්ෂක කණ්ඩායමේ දැඩි අවධානය යොමු වී ඇති අතර බැල්ටිමෝර් වරායේ සිට විවෘත මුහුද දක්වා නෞකාව යාත්‍රා කරවීම විශේෂ පුහුණුවක් ලැබූ නාවිකයන්ට බාර වී ඇතත් ඩාලි නෞකාව වරායෙන් පිටවූ වහාම එහි ප්‍රචාලක අක්‍රිය වී ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම මෙම ඩාලි නෞකාව මීට පෙර අනතුරු කිහිපයකට මුහුණ දුන් නෞකාවක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

2016 වසරේදී බෙල්ජියමේ ඇන්ට්වර්ප් නුවර වරායේ සිට බ්‍රෙමහවන් දක්වා යාත්‍රා කිරීම ආරම්භ කළ මොහොතේදීම එම වරායේ වේදිකාවේ ගැටී ඩාලි නෞකාවේ මීටර් ගණනාවක කොටසකට හානි සිදුව ඇති අතර තවද 2018 වසරේ සිට මෙම නෞකාව තවත් අනතුරු තුනකට ලක්ව ඇති බව සඳහන්.

කෙසේනමුත් පසුගියදා පාලමෙහි ගැටීමෙන් සිදු වූ අනතුරෙන් පසු නෞකාවේ අසුරා තිබූ බහාලුම් 13කට හානි සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්න්නේ ගඟට වැටුණු එම බහාලුම්වල අන්තරායකර ද්‍රව්‍ය තිබිය හැකි බවට අනුමාන කරමින් ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අන්තරායකර ද්‍රව්‍ය සම්බන්ධව පුහුණුව ලැබූ අමෙරිකානු වෙරළාරක්ෂක කණ්ඩායමක් මේ වනවිට විමර්ශන අරඹා ඇති බවයි.