26.7 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසනත් නිශාන්තගේ බිරිඳට පොහොට්ටුවේ ලොකු පුටුවක්

සනත් නිශාන්තගේ බිරිඳට පොහොට්ටුවේ ලොකු පුටුවක්

චමරි පෙරේරාට (සනත් නිශාන්තගේ බිරිඳ) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලොකු පුටුවක් හිමි වී තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොළඹ නිල නිවසේදී ඊයේ (27) පැවති විධායක කමිටු රැස්වීමේදී පක්ෂයේ ඉදිරි කටයුතු සදහා නව කණ්ඩායම් කිහිපයක් පත් කෙරුණා.

ඒ අනුව පක්ෂයේ නව විනය මණ්ඩලයේ ප්‍රධානීන් ලෙස ජනාධිපති නීතිඥවරු වන රසීක් ශරූක් සහ ඩබ්ලිව්. දයාරත්න යන අය පත් කර ඇති අතර කණ්ඩායමේ සෙසු සාමාජිකයන් ලෙස නීතිඥවරුන් වන අතුල ද සිල්වා, මංජුල වෙල්ලාලගේ, සරත් අතුකෝරළ, තුෂාරී සූරිආරච්චි සහ චමරි පෙරේරා (සනත් නිශාන්තගේ බිරිඳ) පත් කර තිබෙනවා.

එමෙන්ම පක්‍ෂයේ බේරුම්කාර මණ්ඩලය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල්, ජොන්ස්ටන්, එස්. බී, සී. බී. රත්නායක, රෝහිත සහ මංජුලා දිසානායක යන කණ්ඩායම පත් කර ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.