27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනුරාධපුරයට කුඩු බෙදූ අයෙක් මාට්ටු

අනුරාධපුරයට කුඩු බෙදූ අයෙක් මාට්ටු

අනුරාධපුර නගරයේ සිදුකළ විශේෂ පරීක්ෂාවකදී හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී ඔහු සන්තකයේ තිබී ග්‍රෑම් 21යි මිලිග්‍රෑම් 262ක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දාහතක් පමණ වන බවයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර, දේවානම්පියතිස්සපුර ප්‍රදේශයේ 29 හැවිරිදි තරුණයෙක්.

මොහු අනුරාධපුර නගරයේ ප්‍රධාන පෙළේ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම සැකකරු මත්ද්‍රව්‍ය තොග වශයෙන් ගෙන එය කුඩා ප්‍රමාණයෙන් වෙනත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙත අලෙවි කිරීම සිදුකර ඇති අතර එම ගැනුම්කරුවන් විසින් නැවත කුඩා ප්‍රමාණයට වෙන්කර හෙරොයින් මත්කුඩු අලෙවි කිරීම සිදුකරන බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යතුරුපැදියක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.