25.6 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදංකොටුවේ නිවසක කාන්තා මළ සිරුරක්

දංකොටුවේ නිවසක කාන්තා මළ සිරුරක්

දංකොටුව, කටුකෙන්ද ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 52ක කාන්තාවක් බවයි.

මෙම කාන්තාව තම පුත්‍රයා සමඟ කටුකෙන්ද ප්‍රදේශයේ උළු කම්හලකට අයත් නිවසක පදිංචිව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඝාතනයට ලක් වූ කාන්තාවගේ පුත්‍රයා ඊයේ (31) උදෑසන නිවසින් බැහැරට ගොස් ඇති අතර සවස යළි නිවසට පැමිණ බලන විට නිවසේ කාමරයක් තුළ ගෙල සිර කර තම මව ඝාතනය කර ඇති අයුරු දැක තිබෙනවා.

ඉන්පසු ඔහු ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඇති අතර සිද්ධිය සම්බධයෙන් දංකොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැහැ.