― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsආනයනයට අනුමැතිය හිමි වූ වාහන මෙන්න

ආනයනයට අනුමැතිය හිමි වූ වාහන මෙන්න

වාහන කිහිපයක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ සංචාරක ව්‍යාපාරයේ අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය වෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනය සඳහා වන යෝජනාවටයි.

ඒ අනුව සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරන ආසන 06-15 සහිත වෑන් රථ (විදුලි සහ දෙමුහුන් රථ ඇතුළුව) 750ක් සහ ආසන 16-30 සහිත කුඩා ප්‍රමාණයේ බස් රථ හා ආසන 30- 45ක් සහිත බස් රථ 250ක් ආනයනය කිරීමට අනුමැතිය ලැබී තිබෙනවා.