30.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයිස් සමඟ අයෙක් පොලිස් දැලේ

අයිස් සමඟ අයෙක් පොලිස් දැලේ

දීර්ඝ කාලයක සිට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමට සමගාමීව ඊයේ (01) හොරණ පොලිස් වසමේ පොකුණුවිට ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර තිබෙනවා.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 45 මිලි ග්‍රෑම් 400 ක්, ජංගම දුරකථනයක් සහ සිම්පත් 01 ක් සන්තකයේ තබාගෙන ජාවාරමේ යෙදී සිටි, තිබ්බටුගොඩ, පොකුණුවිට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හොරණ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.