― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඕනෑම විවාදයකට මම සූදානම් - සජිත්

ඕනෑම විවාදයකට මම සූදානම් – සජිත්

මේ මොහොත වනවිට රටේ ප්‍රශ්න ගැන විවාදයක් අවශ්‍ය බවට සමාජයේ කතාවක් යන බවත් එවැනි විවාදයක් සිදු විය යුතු බවට තමා පිළිගන්නා බවත් විවාද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක උසස් ගුණාංගයක් නිසා තමා ඕනෑම විවාදයකට සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 140 වැනි අදියර යටතේ අද (03) මුලතිව්, ඔඩ්ඩුසුඩාන්, මුත්තුඅයියන්කට්ටු වම් ඉවුර ර.දෙ.මි. පාසලට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ ආර්ථික, සමාජයීය, දේශපාලන, ජාත්‍යන්තර ආදී ඕනෑම ක්ෂේත්‍රයක් ඕනෑම මාතෘකාවක් ගැන වාද විවාද කිරීමට තමා සූදානම් බවත් වාද විවාද කිරීම මෙන්ම ඒ හරහා රටටත් ජනතාවටත් අගයක් එකතු විය යුතු බවත් විපක්ෂයේ සිටින කාලය වාද විවාදවලට පමණක් සීමා නොකර ජනතාවට සේවයක් අගයක් ඉටු කළ යුතු බවත්ය.

එසේම ඕනෑම වාද විවාදයකට තමා සූදානම් සේ තමා සමඟ තරගයට රටට සේවය කිරීමට පැමිණෙන ලෙසට ඕනෑම පක්ෂයකට අභියෝග කරමින් සිටින බවත් වාද විවාද සේම රටට සංවර්ධනයක් උදා කරන්නත් තමා සූදානම් බවට සතුටින් ප්‍රකාශ කර සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද එන්න එන්නම අප රටේ දුප්පත්කම වර්ධනය වී ඇති බවත් ලෝක බැංකුවට අනුව ශ්‍රී ලංකාවේ දුප්පතුන් ප්‍රමාණය දෙගුණ වී ඇති බවත් මේ රටෙන් හරිඅඩක් දුප්පත්කමින් පෙළෙන බවත් මේ නිසා ජන ජීවිත, සෞඛ්‍ය කඩා වැටී මන්දපෝෂණය වර්ධනය වී ඇති බවයි විපක්ෂ නායකවරයා අවධාරණය කළේ.

එසේම ජාතික මට්ටමින් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් අවශ්‍ය බවත් වර්තමානයේ මෙන් සීමාසහිත කාල වකවානුවකට මුදල් බෙදා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක බවත් එය අසාර්ථක තාවකාලික පැලැස්තර විසඳුමක් බවත් නිෂ්පාදනය ආයෝජනය පාරිභෝජනය සහ ඉතිරිකිරීම ඇතුළත් දුගී බව තුරන් කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය වුවත් ආණ්ඩුව අවිද්‍යාත්මක වැඩසටහනක් දියත් කරමින් සිටින බවත් විපක්ෂ නායකයවරයා සඳහන් කළේය.