― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsසිර මැදිරියේ සිටි අයෙක් ඇද වැටී රෝහලේ

සිර මැදිරියේ සිටි අයෙක් ඇද වැටී රෝහලේ

පයාගල පොලිසියේ සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු හිසට සිදුවූ තුවාල හේතුවෙන් ඊයේ (02) කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ පයාගල, ඈතගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

රෝහල්ගත කර ඇති පුද්ගලයා විවෘත වරෙන්තුවක් මත අත්අඩංගුවට ගෙන පයාගල පොලිසියේ සිරමැදිරියේ රඳවා සිට ඇති අයෙකි.

සිර මැදිරියේ රඳවා සිටි සැකකරු කිසියම් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ දහවල් සිර මැදිරිය තුළදී ඇද වැටී, හිසට තුවාල සිදුව තිබෙනවා.

තුවාල ලැබූ සැකකරු කළුතර ශික්ෂණ රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.