26.7 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයිස් හා ගංජා සමඟ අයෙක් පොලිස් දැලේ

අයිස් හා ගංජා සමඟ අයෙක් පොලිස් දැලේ

අයිස් මත්ද්‍රව්‍ය‍ සහ කේරළ ගංජා තොගයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමට සමගාමීව පසුගියදා (01) පමුණුගම පොලිස් වසමේ, නැංගුරම රෙස්ටුරන්ට්, ඉදිරිපිටදී වැටලීමක් සිදු කර ඇත.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය‍ ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 59 ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 52 ක් සන්තකයේ තබාගෙන ජාවාරමේ යෙදුනු වයස අවුරුදු 23ක් වන උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු පමුණුගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.