27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගාල්ල පොලිසියෙන් සිරකරුවන් දෙදෙනෙක් පැන යයි

ගාල්ල පොලිසියෙන් සිරකරුවන් දෙදෙනෙක් පැන යයි

ගාල්ල පොලිස් ස්ථානයේ සිර මැදිරියක රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (03) අලුයම පළාගොස් ඇති බවට ගාල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසනවා.

හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන පසුගිය 01 වැනිදා අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර විමර්ශන සඳහා රඳවාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකුයි මෙලෙස පළාගොස් ඇත්තේ.

ගාල්ල, බෝපේ, වටරැක ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි සැකකරුවෙකු සහ
කෝන්න්කහ, මයිනගොඩ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සැකකරුවෙකු මෙලෙස පළා ගොස් තිබෙනවා.