29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentත්‍රිරෝද රථයක් අඩි 200ක ප්‍රපාතයකට පෙරළෙයි

ත්‍රිරෝද රථයක් අඩි 200ක ප්‍රපාතයකට පෙරළෙයි

ඌව පරණගමදී ත්‍රීවිල් රථයක් අඩි 200ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අද (03) උදෑසන 06ට පමණ ඌව පරණගම, කෝට්ටගොඩ හන්දියේ සිට ඉදිගහදෝව හරහා වැලිමඩ මාර්ගයේ කෝට්ටගොඩ ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

අදාළ ත්‍රීවීල් රථය මාර්ගයෙන් ඉවතට පැන හාල් ඔය ආසන්නයට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරෙන් ත්‍රිරෝද රියේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ත්‍රීවීල් රථය පෙරලීමෙන් වගා බිමට ද දැඩි හානි සිදුව ඇති අතර ත්‍රිරෝද රථයට ද දැඩි අලාභ හානි සිදුවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ඌව පරණගම පොලිසිය සිදු කරයි.