26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබංගලියන් පරදා ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

බංගලියන් පරදා ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වුණු අවසන් ටෙස්ට් තරගයෙන් සුපිරි ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 531ක් රැස්කළේය.

බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා රැස්කළේ ලකුණු 178ක් පමණි.

පළමු ඉනිම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 92ක්, කුසල් මෙණ්ඩිස් ලකුණු 93ක් හා දිමුත් කරුණාරත්න ලකුණු 86ක් බැගින් රැස් කර ගත්තේය.

පන්දු යැවීමේදී බංග්ලාදේශ පළමු ඉනිම වෙනුවෙන් ෂකීබ් අල් හසන් කඩුලු 03ක් දවා ගත්තේය.

තරගය ජය ගැනීම සඳහා ලකුණු 511ක ඉලක්කයක් හඹා ගිය සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම තරගයේ පස්වන දිනයේ දී ලකුණු 318කට සියලුදෙනා දැවී ගියේය.