28.9 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරුමේනියාවේ රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අල්ලයි

රුමේනියාවේ රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අල්ලයි

රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළා කාන්තාවක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන නිලධාරීන් විසින් පසුගියදා මාළිගාවත්ත – ලක්විරු සෙවණ නිවාස සංකීර්ණයේ සැඟවී සිටියදී මෙම කාන්තාව අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම කාන්තාව රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන ගොස් ඇති අතර ඒ අනුව රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටි 08කට වැඩි මුදලක් වංචා කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඊට අදාළ නඩුව අද (03) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී සැකකාරිය අප්‍රේල් 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි මාළිගාකන්ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.