ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට පමණක් රට සංවර්ධනය කළ නොහැකි බවත් රාජ්‍ය අරමුදල් නොමැතිව දානපති ආධාර යටතේ ජනතා සුභසාධක වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ගැසීම අද ‘ස්ටයිල් එකක්’ බවට පත්ව ඇති බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (03) මිනුවන්ගොඩ, හොරම්පැල්ල සිලවිමල මහා විද්‍යාලයට ප්‍රතිපාදන ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රි නවුෆර් ෆවුසිට අයත් සහීඩා පදනම මගින් මිනුවන්ගොඩ පොලිස් වසමේ පාසල් සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 100 ක මුදලක් ලබා දී තිබෙනවා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල සඳහා ජනතාවගේ සහයෝගයද ලැබිය යුතු බවයි.


