28.9 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබීමත් සැමියාට පහර දී මරා දැමූ බිරිඳ අත්අඩංගුවට

බීමත් සැමියාට පහර දී මරා දැමූ බිරිඳ අත්අඩංගුවට

මාතර, වැලිගමදී බිරිඳක් විසින් තම සැමියාට අමානුෂික ලෙස පහර දී මරා දමා තිබෙනවා.

පොලීසිය පැවසුවේ මාතර, වැලිගම, කොස්ගහහේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් පසුගියදා (02) රාත්‍රියේ බීමතින් සිය නිවස වෙත පැමිණ ඇති අතර එම අවස්ථාවේදී ඔහුගේ බිරිඳ නිවස ඉදිරිපස කණුවක ගැටගසා ඔහුට පහර දී තිබෙනවා.

මොහු බීමතින් නිවසට පැමිණ බිරිඳට පහරදීමට උත්සාහ දරා ඇති බවත් එම අවස්ථාවේදී බිරිඳ නිවස අවට හිතවතුන් කිහිපදෙනෙකු හා එක්ව සැමියා කණුවක ගැටගසා පහර දී ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

පහරකෑමෙන් සිහිසුන් වූ සැමියා වැලිගම රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඔහු ඒ වනවිටත් මියගොස් සිට ඇති බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 42 හැවිරිදි තිදරු පියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.