යාපනය, තලෙයිමන්නාරම ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්කරල් විශාල ප්‍රමාණයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් විශේෂ කර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (03) තලෙයිමන්නාරම පොලිස් වසමේ කට්ටුකාරන් කුඩුඉරිප්පු හන්දිය අසළදී වැටලීමක් සිදුකර ඇත.
එහිදී නීතිවිරෝධී මත්කරල් 1,000ක් අලෙවි කිරීම සඳහා යතුරුපැදියකින් රැගෙන යමින් සිටි තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැඩිදුර විමර්ශන සඳහා ඔහු තලෙයිමන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.


