27.8 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසුජීවගේ පෙත්සමක් සලකා බැලීමට දින දෙයි

සුජීවගේ පෙත්සමක් සලකා බැලීමට දින දෙයි

අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව සිදු කරනු ලබන විමර්ශනයක් අභියෝගයට ලක් කරමින් හිටපු අමාත්‍යවරයෙකු වූ සුජීව සේනසිංහ විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ජුනි මස 03 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (03) නියම කළේය.

මෙම පෙත්සම ඊයේ ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අද දිනම සලකා බලා තීන්දුවක් ලබාදන ලෙස ඉල්ලා සිටියේය.

පෙත්සම සලකා බැලීම කල් දැමීම තුළින් අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන මෙම විමර්ශනයද පමා විය හැකි බවත් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු පෙන්වා දුන්නේය.

එම අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කියා සිටියේ මෙම පෙත්සම සලකා බැලීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ජුනි මස 03 වැනිදා කැඳවන ලෙසත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළහ.

චෙක්පත් සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව ආරම්භ කර තිබෙන විමර්ශනයකින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය සුජීව සේනසිංහ විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබේ.