31 C
Colombo
Tuesday, April 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමොරටුවේ සරසවි සිසුවෙක් හදිසියේම ජීවිතක්ෂයට

මොරටුවේ සරසවි සිසුවෙක් හදිසියේම ජීවිතක්ෂයට

මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු තාවකාලිකව නවාතැන් ගෙන සිටින කාමරයේදී හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පිළියන්දල පොලීසිය පැවසුවේ මෙම සිසුවා කාමරය තුළදී හදිසියේ රෝගාතුර වී ඇති අතර පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව, මෝල්පේ, ජයමාවත ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි සිසුවෙක්.

සතාසිවම් විනෝද් නැමැති මොහු හාලිඇල, උණුගොල්ලවත්ත, අඟුරුමලේ කොටසේ ස්ථිර පදිංචිකරුවෙක් වන අතර වාස්තු විද්‍යා පීඨයේ අවසන් වසරේ අධ්‍යාපනය ලැබූ සිසුවෙක් බවයි පොලීසිය පවසන්නේ.