― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot Newsඅපරාධයකට සූදානම්ව සිටි තිදෙනෙක් බඩුත් එක්ක අල්ලයි

අපරාධයකට සූදානම්ව සිටි තිදෙනෙක් බඩුත් එක්ක අල්ලයි

මනුෂ්‍ය ඝාතනයක් සඳහා සඟවා තිබූ T56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනිඅවියක්, ජීව උණ්ඩ 14ක් සහිත මැගසිනයක්, කඩුවක් සහ කිනිස්සක් ඇතුළුව තියුණු ආයුධ සමඟ පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමට සමගාමීව ඊයේ (10) මරදාන පොලිස් වසමේ ලොක්ගෙට්ලේන් ප්‍රදේශයේ ශ්‍රී බෝධිරාජාරාමය විහාරස්ථානය පිටුපස නිවසක අසළදී වැටලීමක් සිදුකර ඇත.

එහිදී ශ්‍රී බෝධිරාජාරාමය විහාරස්ථානය පිටුපස නිවසක, වහලයේ පිටුපස කොටසේ ගමන්මල්ලක බහා මනුෂ්‍ය ඝාතනයක් සඳහා සගවා තිබියදී T 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනිඅවියක්, මි.මි 7.62X39 වර්ගයේ ජීව උණ්ඩ 14ක් සහිත මැගසිනයක්, කඩුවක් සහ කිනිස්සක්ද ඇතුළුව තියුණු ආයුධ
සමඟ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මොවුන් තිදෙනා මරදාන, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18, 34, 47 ක් වන පුද්ගලයින් තිදෙනෙකු බවයි.

මොවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මරදාන පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

මෙම T56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනිඅවිය හා තියුණු අවිආයුධ කොළඹ ලොක්ගෙට්ලේන් හා කෙසෙල්වත්ත ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර හටගෙන ඇති ගැටුම්කාරී තත්වයක් හේතුවෙන් අදාල ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වල සාමාජිකයින් වෙඩි තබා කපාකොටා ඝාතනය කිරීම සදහා මෙම ස්වයංක්‍රීය ගිනිඅවිය හා තියුණු ආයුධ මෙම ස්ථානයේ සඟවා ඇති බවට බුද්ධි තොරතුරු මගින් අනාවරණය කරගෙන ඇත්තේ.