23.4 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආයතන 05ක ලොක්කන් කෝප් කමිටුවට

ආයතන 05ක ලොක්කන් කෝප් කමිටුවට

රාජ්‍ය ආයතන පහක ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනය සහ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යාධාර අරමුදල යන ආයතනවල ප්‍රධානීන් මෙලෙස කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ලබන 24 වැනිදා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, 25 වැනිදා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනය සහ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යාධාර අරමුදල කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර 26 වැනිදා ශ්‍රී ලංකන් ගුවන් සමාගම කැඳවා තිබෙනවා.