27.2 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාස්කු ප්‍රහාරය ගැන තෙදින විවාදය ඇරඹෙයි

පාස්කු ප්‍රහාරය ගැන තෙදින විවාදය ඇරඹෙයි

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අද (24) සිව්වැනි වරටත් පාර්ලිමේන්තුවේදී විවාදයක් පැවැත්වෙනවා.

ප්‍රහාරය පිටුපස සිටි පුද්ගලයින් පිළිබඳ තමන් දන්නා බවට ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ජනාධිපති ධුරයේ කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශය පදනම් කරගනිමින් විපක්ෂය කළ ඉල්ලීමක් මත මෙවර විවාදය දින තුනක් පැවැත්වෙනවා.

මේ අතර වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් පසු පසුගිය 04 වැනිදා අභාවප්‍රාප්ත වූ අනුරාධපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේනගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා එම්.ජී.වීරසේන අද දිවුරුම් දුන්නා.