25 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගංජා තොගයක් සමඟ දෙදෙනෙක් පොලිස් දැලේ

ගංජා තොගයක් සමඟ දෙදෙනෙක් පොලිස් දැලේ

වියළි ගංජා කිලෝග්‍රෑම් 08ක් සමග සැකකරුවන් දෙදෙනෙකු මොණරාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොණරාගල පොලිස් කොඨ්ඨාශයේ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් මොණරාගල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අලෙවි කිරීම සඳහා මෙම ගංජා තොගය සූදානම් කර තිබී ඇති අතර එම ගංජාවල වටිනාකම රුපියල් ලක්ෂ පහකට අධික බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මොණරාගල ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනකු වන අතර සැකකරුවන් මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.