26.7 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාතාලය මඩින්න විශේෂ පොලිස් යතුරුපැදි කණ්ඩායමක්

පාතාලය මඩින්න විශේෂ පොලිස් යතුරුපැදි කණ්ඩායමක්

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සහ පාතාලය මර්ධනය කිරීම සඳහා විශේෂ කාර්ය බළකායේ විශේෂ පුහුණුවක් ලද පළමු පොලිස් යතුරුපැදි කණ්ඩායමේ විසිරයාමේ පෙළපාලිය අද (25) කළුතර, කටුකුරුන්ද පිහිටි විශේෂ කාර්ය බළකා පුහුණු පාසලේදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබෙනවා.

එම පුහුණුව හදාරන ලද විශේෂ යතුරුපැදිකරුවන් 96 දෙනෙක් යතුරුපැදි 48 ක් සමඟ මෙහිදී විසිර ගියා.

විසිර ගිය සියලු යතුරුපැදිකරුවන් වෙත සහතිකයක් මෙහිදී ලබා දුන් අතර මෙම යතුරුපැදිකරුවන් කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත කර තිබෙනවා.

බස්නාහිර සහ දකුණ ප්‍රදේශවල හඳුනාගත් ජාවාරම්කරුවන් පසුපස හඹා ගොස් ඔවුන්ගේ ක්‍රියාකාරකම් මර්දනය කිරීම මෙහි අරමුණයි.