31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමහින්දානන්දට එරෙහි නඩු තීන්දුවක් කල් යයි

මහින්දානන්දට එරෙහි නඩු තීන්දුවක් කල් යයි

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව ගොනු කර ඇති නඩු තීන්දුවක් මේ මස 30 වැනිදා දක්වා කල් තබා තිබෙනවා

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළැයි ගොනුකර ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම මේ මස 30 වැනිදා දක්වා කල් තැබීමටයි කොළඹ මහාධිකරණය අද (25) නියම කළේ.

මෙම නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

එහෙත් මහාධිකරණ විනිසුරු නවරත්න මහරසිංහ සඳහන් කළේ එහි තීන්දුව ප්‍රකාශ කිරීම ලබන 30 වැනිදා සිදු කරන බවයි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.