27.3 C
Colombo
Sunday, May 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපළාත් රැසකට අදත් තද වැසි

පළාත් රැසකට අදත් තද වැසි

දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන අද (29) පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ.

එමෙන්ම නැගෙනහිර සහ දකුණු පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවල අද (29) උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ ඉඩකඩක් පවතිනවා.