25.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅංගොඩ ලොක්කාගේ ගෝලයෙක් ගුවන්තොටේදී මාට්ටු

අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් ගුවන්තොටේදී මාට්ටු

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන ‘අංගොඩ ලොක්කාගේ’ ගෝලයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා ව්‍යාජ හැඳුනුම්පතක් සහ විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් විදේශගත වීමට උත්සාහ කිරීමේ දී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ ගුවන්තොටුපළේ සවිකර ඇති පුද්ගලයින් හඳුනාගැනීමේ පද්ධතිය මඟින් සැකකරු හඳුනාගෙන ඇති බවයි.

47 හැවිරිදි වියේ පසුවන සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මුල්ලේරියාව පොලිසියට භාරදී තිබෙනවා.