― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsවැඩ කරන ජනතාවගේ දිනය අදයි

වැඩ කරන ජනතාවගේ දිනය අදයි

ජාත්‍යන්තර කම්කරු දිනය අදට (01) යෙදී තිබෙනවා.

ලොව පුරා සෑම වසරකම මැයි 01 වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය සමරනු ලබනවා.

වර්ෂ 1886 මැයි මස 01 වැනිදා තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් දහස් සංඛ්‍යාත කම්කරුවන් අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්ව දින කිහිපයක් පුරා විරෝධතාවල නිරත වුණා. එහිදී එම කම්කරුවන් ඉලක්ක කරමින් එල්ල වූ ප්‍රහාරයෙන් විශාල පිරිසක් මියයෑම සිහිපත් කරමින් මෙලෙස ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සිදුකරනු ලබනවා.

මෙම දිනය සේවකයින් සඳහා නිල නිවාඩු දිනයක් මෙන්ම අනිවාර්ය විවේකී දිනයක් ලෙසයි සැලකෙන්නේ. මෙවර සමරනු ලබන්නේ 138 වැනි ලෝක කම්කරු දිනයයි.

ලොව පුරා සෑම රටකම පාහේ මැයි මස 01 වැනිදා කම්කරු දිනය සැමරීම සඳහා පෙළපාලි, රැළි ආදිය සංවිධාන කරනු ලබන අතර මෙවරත් කම්කරු දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සහ සංවිධාන මැයි දින පෙළපාලි රැස්වීම් රැසක් සංවිධානය කර තිබෙනවා.