― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot Newsසයිනොපෙක් ඉන්ධන මිලත් පහළට

සයිනොපෙක් ඉන්ධන මිලත් පහළට

ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහළ දමනු ලැබුවා.

ඊට සමගාමීව සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට පියවර ගත්තා.

ඒ අනුව සයිනොපෙක් සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින්, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 27කින් හා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 9කින් පහළ දමා තිබෙනවා.

නව මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 365ක් ලෙසත්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 420ක් ලෙසත්, ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 333ක් ලෙස හා සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 377ක් ලෙස දැක්වෙනවා.