― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsමෙරට නිල සංචිත වත්කම් ඉහළට

මෙරට නිල සංචිත වත්කම් ඉහළට

මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 05ක් දක්වා වැඩි වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ පසුගිය මාර්තු මාසය වන විට දළ නිල සංචිත ප්‍රමාණය මෙලෙස ඉහළ ගොස් ඇති බවයි.

දළ නිල සංචිත ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම මහ බැංකුව විසින් ශුද්ධ පදනම මත දේශීය විදේශීය විනිමය වෙළෙඳපලෙන් සැලකිය යුතු ලෙස විදේශ විනිමය මිලදී ගැනීම හේතු වී තිබේ.

මෙම නිල සංචිත සඳහා චීන මහ බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත්ය.

මේ අතර මාර්තු මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,139ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එය පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 9.8ක ඉහළ යාමක් බව වාර්තා වේ. කාර්මික භාණ්ඩ අපනයනය ඉහළ යාම අපනයන ආදායම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් දායක වී තිබේ.

වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම ද පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව මේ වසරේ මාර්තු මාසයේ දී ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

මේ වසරේ මාර්තු මාසයේ දී සංචාරක ඉපැයුම් ද ඉහළ ගොස් ඇති අතර විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ද මාර්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 572 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වනවිට රුපියල අතිප්‍රමාණය වීමේ ප්‍රවණතාව අඛණ්ඩව පවතින අතර අප්‍රේල් මස 30 වන දින දක්වා කාලය තුළ දී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 9.1කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

ඊට සමගාමීව යුරෝ, ස්ටර්ලින් පවුම්, ජපන් යෙන්, ඉන්දියානු රුපියල සහ ඔස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව රුපියල අතිප්‍රමාණය වී තිබේ.