― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsදුරකථනය නිසා මව ඝාතනය කළ නරුම පුතා

දුරකථනය නිසා මව ඝාතනය කළ නරුම පුතා

යාපනය, තෙලිප්පලේ ප්‍රදේශයේදී පසුගියදා ඝාතනය වු 38 හැවිරිදි කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් සැඟව සිටි 16 හැවිරිදි පුත්‍රයා පොලිසියට භාර වී තිබෙනවා.

එමෙන්ම ඔහු තම මව ඝාතනය කළ බවට පොලීසිය හමුවේ පාපොච්චාරණය කළේය.

යාපනයේ, තෙලිප්පලේ ප්‍රදේශයේ නිවසකින් සැක කටයුතු ලෙස මිය ගිය කාන්තා මළ සිරුරක් පසුගිය සිකුරාදා සොයා ගැනුණා.

මෙලෙස මියගොස් සිටියදී සොයාගනු ලැබුවේ තෙලිප්පලේ ප්‍රදේශයේ පදිංචි හේනඩික් ජැස්මින් නමැති 38 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරයි.

ඇයගේ සැමියා විදේශ රැකියාවක යෙදී සිට ඇති අතර ඇය සිය දරු දෙදෙනා සමඟ දිවි ගෙවා තිබුණා. කෙසේනමුත් පසුගිය සිකුරාදා දිනයේදී නිවසේ සිට ඇත්තේ මෙලෙස ඝාතනයට ලක් වූ මව සහ පුත්‍රයා පමණයි.

පසුදින එම කාන්තාවගේ සිරුර සොයාගෙන ඇති අතර එම කාන්තාවගේ පුත්‍රයා වන 16 හැවිරිදි පිරිමි දරුවා නිවසින් අතුරුදන්ව තිබෙනවා.

නිවසේ බිත්තිවල ලේ පැල්ලම් ද දක්නට ලැබීම හේතුවෙන් සැක හිතුණු
පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටියදී අතුරුදන්ව සිටි 16 හැවිරිදි පුත්‍රයා ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් පුත්‍රයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු තම මවගේ ගෙල මිරිකා ඝාතනය කළ බවට පාපොච්චාරණය කළ බවයි පොලිසිය පවසන්නේ.

පොලිසිය විසින් දරුවා පොලිස් ස්ථානයේ රඳවාගෙන පරීක්ෂණ ආරම්භ කර ඇති අතර අසල්වාසීන් පවසන්නේ මෙම දරුවා මානසික ආබාධයකින් පෙළෙන අයෙකු බවයි.

මෙම සිසුවා ජංගම දුරකථනයට ඇබ්බැහි වී ඇති බවත් මේ හේතුවෙන් පිරිමි ළමයා දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවත් වාර්තා වනවා.