― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඩයනාගේ පෙත්සම කල් යයි

ඩයනාගේ පෙත්සම කල් යයි

තමන්ව සමගි ජන බලවේගයෙන් නෙරපීමට ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය ඇමති ඩයනා ගමගේ විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම මේ මස 28 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද (10) ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු මඩුල්ලේ ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම සම්බන්ධයෙන් ගනු ලබන තීරණය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ පෙත්සම මේ මස 28 වැනිදා කැඳවන ලෙසත් නියෝග කළ විනිසුරු මඩුල්ල එදින මෙම පෙත්සම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තීරණය දැනුම් දෙන ලෙසත් නියම කළා.

මෙහි වගඋත්තරකරුවන් ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් රංජිත් බද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.