― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsබාලවයස්කාර දැරියට හදි කළ තරුණයා අත්අඩංගුවට

බාලවයස්කාර දැරියට හදි කළ තරුණයා අත්අඩංගුවට

කොකාවැව ප්‍රදේශයේ පදිංචි බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනය කළ තරුණයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ගලෙන්බිඳුණුවැව, කොකාවැව පොලිස් වසමට අයත් තීත්තැල්ලෑව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි දැරියක් දූෂණය කිරීමේ චෝදනාවට 21 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අදාළ දැරිය නිවසේ තනිව සිටින අවස්ථාවේදී මෙම තරුණටා බලහත්කාරයෙන් නිවසට ඇතුල් වී ඇති බවත් එම අවස්ථාවේ දී
17 හැවැරිදි දැරිය දූෂණයට ලක් කොට පලාගොස් ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දැරිය ඇයගේ දෙමාපියන් දැනුවත් කිරීමෙන් පසු දෙමාපියන් ඒ පිළිබඳව කොකාවැව පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව පසුගියදා (12) සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ
හෙට (15) දක්වා මොහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.