― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඅස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්

අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්

ඇස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් 450,404ක් ලැබී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

මේ වනවිට අයදුම්පත් සියයට 84ක් පරිගණක ගත කර ඇති බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම අලුතින් පත් වූ ග්‍රාම නිලධාරින් 2000ක් පමණ ඇස්වැසුම ගෙවීමේ ක්‍රියාවලියට ඇතුළත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

අයදුම්පත් සලකා බැලීම, අදාළ දත්ත පරිගණක ජාලයට උඩුගත කිරීම වැනි කටයුතුවල යෙදෙන තුන්වන පාර්ශ්වවලට මුදල් ගෙවීම සම්බන්ධයෙන් කැබිනට් ලේඛනයක් ද ඉදිරිපත් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා දැනුම් දෙන්නේ.