― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෝටි 10ක අයිස් සමඟ තරුණයෙක් කොටු

කෝටි 10ක අයිස් සමඟ තරුණයෙක් කොටු

ගුවන් තැපැල් මගින් එවා තිබූ රුපියල් කෝටි 10කට ආසන්න වටිනාකමක් සහිත අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අද (17) පස්වරුවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගය පුලියක සඟවා ගෝතමාලාවේ සිට කටුනායක, සීදුව කළම්බු කාර්ගෝ බන්ධිත ගුදම් ගබඩා සංකීර්ණය වෙත කූරියර් පාර්සල් සේවය ඔස්සේ ගුවන් තැපැල් මගින් එවා තිබියදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය පොළොන්නරුව, ජයන්තිපුර ප්‍රදේශයේ 25 හැවිරිදි ගොවියෙකුගේ ලිපිනයට එවා තිබූ අතර ඔහු මෙම ‘පුලිය’ සහිත ඇසුරුම භාර ගැනීමට සීදුව බන්ධිත ගුදම් සංකීර්ණය වෙත පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම පුලිය තුළ කිලෝ ග්‍රෑම් 03 යි ග්‍රෑම් 101 ක් බරැති අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සඟවා තිබී ඇති අතර ඔහු ඉදිරිපිට මෙම ඇසුරුම ගලවා පරීක්ෂා කිරීමෙන් පසු ඔහු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා භාර ගැනීමට පැමිණි තරුණයා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.