23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජනපති රනිල් - ඉන්දුනීසියානු ජනපති අතර හමුවක්

ජනපති රනිල් – ඉන්දුනීසියානු ජනපති අතර හමුවක්

ඉන්දුනීසියාවේ බාලි අගනුවර පැවැත්වෙන දසවැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ අතර නිල හමුව ඊයේ (20) සිදු විය.

ඉන්දුනීසියානු ජනාධිපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුහදව පිළිගත් අතර රාජ්‍ය නායකයින් දෙපළ අතර පැවති සුහද කතාබහකින් අනතුරුව ද්විපාර්ශවික සාකච්ඡා ආරම්භ විය.

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට නායකයන් දෙපළ ප්‍රතිඥා දුන් අතර ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීම කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණි.

රාජ්‍ය නායකයින් දෙදෙනා කලාපීය සහ ජාත්‍යන්තර කටයුතු කෙරෙහි අවධානය යොමු කළ අතර ගෝලීය අභියෝගවලට මුහුණ දීමේදී දෙරට අතර සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළහ.