― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsරජයේ වැටුප් විෂමතා ගැන සෙවීමට කමිටුවක්

රජයේ වැටුප් විෂමතා ගැන සෙවීමට කමිටුවක්

‍රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට තීරණය කර තිබෙනවා.

එක් එක් ක්ෂේත්‍රවල පවතින වැටුප් විෂමතා පිළිබඳව අධ්‍යයනය කර ඊට ලබාදිය යුතු විසඳුම් නිර්දේශ කිරීම සඳහා කමිටුවක් පත්කළ යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර ඇති අතර එම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඊයේ (27) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.