― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsසීදුවේදී අවසන් ගමන් ගිය කාන්තාවගේ තොරතුරු එළියට

සීදුවේදී අවසන් ගමන් ගිය කාන්තාවගේ තොරතුරු එළියට

සීදූව, ලියනගේමුල්ල ප්‍රදේශයේදී ඝාතනයට ලක් වූ කාන්තාවගේ අනන්‍යතාව මේ වනවිට තහවුරු කරගෙන ඇති බව පොලීසිය පවසනවා.

අද (28) උදෑසන කැපුම් තුවාල සහිත කාන්තා මළ සිරුරක් ලියනගේමුල්ල කැළෑ පල්ලිය අසළ කාණුවක තිබී සොයාගනු ලැබුවා.

පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙය මනුෂ්‍ය ඝාතනයක් බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ උස්ගොඩ මානගේ තිසාරා මධුවන්ති නැමැති 36 හැවිරිදි එක්දරු මවක් බවයි අනාවරණය වී ඇත්තේ.

ගාල්ල, නෙළුව, බටහිර බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන මෙම කාන්තාව සීදුව, ලියනගේමුල්ල, ජූඩ් මාවත ප්‍රදේශයේ නේවාසිකාගාරයක තාවකාලිකව පදිංචිව සිට තිබෙනවා.

මෙම කාන්තාව මීට වසර 06 කට පමණ පෙර කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවය සඳහා පැමිණ ඇති අතර, පසුව ඇය සීදුව සංචාරක හෝටලයක සේවය කරන පුද්ගලයෙකු සමඟ අදාළ නේවාසිකාගාරයේ තාවකාලිකව පදිංචිව සිට තිබෙනවා.

පොලීසිය පැවසුවේ රාත්‍රී සමාජ ශාලාවක සිදු වූ සිදුවීමක් මුල්කර ගනිමින් අදාළ හෝටල් සේවකයා සමඟ ඇති කරගත් ආරවුලකින් පසු අද (28) අලුයම මෙම කාන්තාව ඝාතනයට ලක්ව ඇති බවයි.

අද (28) අලුයම 02 ත් 03 ත් අතර කාලයේදී මෙම කාන්තාව අදාළ පුද්ගලයා සමඟ ලියනගේමුල්ල ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ඉදිරිපිටින් ගමන් කරන ආකාරය ද ආරක්ෂිත කැමරා දර්ශනවල පටිගතව තිබෙනවා.

මෙම කාන්තාවගේ මුහුණේ කැපුම් තුවාල සහිත මළ සිරුර ලියනගේමුල්ල, කැලෑපල්ලිය අසළ මාර්ගයේ කාණුවක තිබී අද උදෑසන සොයාගනු ලැබුවා.

මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතා එම ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂාව සිදු කිරීමෙන් අනතුරුව ඇයගේ සිරුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා මීගමුව මහ රෝහල වෙත යොමුකර තිබෙනවා.