27.8 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News'තසී ඝාතනයේ' සැකකරු බන්ධනාගාරයේදී ජීවිතක්ෂයට

‘තසී ඝාතනයේ’ සැකකරු බන්ධනාගාරයේදී ජීවිතක්ෂයට

පසුගිය 19 වැනිදා ‘කලමුල්ලේ තසී’ නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි සැකකරු ඊයේ (27) හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ තිබුවන, පැලපිටියා ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තුෂාර රුක්මාල් සිල්වා නමැති රැඳවියෙක්.

මොහු මනුෂ්‍ය ඝාතන චෝදනාව යටතේ පසුගිය 25 වැනිදා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කළ අයෙක්.

රැඳවියා ඊයේ (27) පස්වරුවේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

පශ්චාත් මරණ පරීක්ෂණය අද කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේදී සිදුකිරීමට නියමිතයි.