― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsෆ්‍රැන්සිස් පාප් වහන්සේ සමාව අයැදියි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සමාව අයැදියි

සමලිංගික පිරිමින් පිළිබඳ අපහාසාත්මක යෙදුමක් භාවිතා කිරීම සම්බන්ධයෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඊයේ (28) සමාව අයැද සිටියා.

වතිකානයේ ප්‍රකාශක Matteo Bruni සඳහන් කර තිබුණේ පසුගිය මැයි 20 වැනිදා ඉතාලි බිෂොප්වරුන්ගේ හමුවේදී පාප් වහන්සේ කිසි විටෙකත් සමලිංගික ප්‍රජාවට අපහාස කිරීමේ අරමුණෙන් අදහස් ප්‍රකාශ නොකළද මාධ්‍ය වාර්තා කරන ආකාරයෙන් පාප් වහන්සේ භාවිත කළ වචනවලින් අමනාප වූ අයගෙන් ඔහු සමාව අයැද සිටින බවයි.

පසුගිය 20 වෙනිදා ඉතාලි බිෂොප්වරුන් සමග පැවති හමුවකදී සමලිංගික පිරිමින්ට පූජකත්වය සඳහා පුහුණු වීමට ඉඩ නොදිය යුතු බවට කරන ලද සඳහනකදී සමලිංගික පිරිමින් අරබයා අපහාසාත්මක යෙදුමක් භාවිත කළ බවට පාප් වහන්සේට චෝදනා එල්ල වුණා.

සමලිංගික හෝ සමලිංගික නැමියාවක් ඇති පිරිමින් පූජකයින් ලෙස පල්ලියට එක්වීමට ඉඩ දිය නොහැකි බවට වතිකානය තීන්දු කරනු ලැබුවේ 2005 වසරේ සිටයි. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ද 2016 වසරේදී එම තීන්දුව අනුමත කරනු ලැබුවා.