28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentබස් රථයක් පෙරළී 27 දෙනෙක් රෝහලේ

බස් රථයක් පෙරළී 27 දෙනෙක් රෝහලේ

රත්නපුර – බලංගොඩ ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අද (29) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ පෞද්ගලික බස් රථය ඇඹිලිපිටිය සිට කොළඹ දක්වා ධාවනය කරමින් සිටියදී ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථය බස් රථයේ ගැටීම වැළැක්වීමට බස් රියදුරු උත්සාහ ගත් අවස්ථාවේදී මාර්ගයෙන් ඉවතට පෙරළී ඇති බවයි.

අනතුරෙන් 27 දෙනෙක් තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල්ගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.