― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot NewsIMF වෙතින් ශ්‍රී ලංකාවට කොළ එළියක්

IMF වෙතින් ශ්‍රී ලංකාවට කොළ එළියක්

ශ්‍රී ලංකාවට තුන්වන ණය වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් එළඹෙන 12 වැනිදා රැස්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමැතිය ලබා දීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඔහු නිකුත් කළ එක්ස් පණිවුඩයක දැක්වෙන්නේ එදිනට ශ්‍රී ලංකා ණය වාරිකය අනුමැතිය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිවේදනය කර ඇති බවයි.

තුන්වන ණය වාරිකය වශයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 330 ක ණය මුදලක් නිදහස් කිරීමට නියමිතයි.