24.5 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsIMF වෙතින් ශ්‍රී ලංකාවට කොළ එළියක්

IMF වෙතින් ශ්‍රී ලංකාවට කොළ එළියක්

ශ්‍රී ලංකාවට තුන්වන ණය වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් එළඹෙන 12 වැනිදා රැස්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමැතිය ලබා දීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඔහු නිකුත් කළ එක්ස් පණිවුඩයක දැක්වෙන්නේ එදිනට ශ්‍රී ලංකා ණය වාරිකය අනුමැතිය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිවේදනය කර ඇති බවයි.

තුන්වන ණය වාරිකය වශයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 330 ක ණය මුදලක් නිදහස් කිරීමට නියමිතයි.