― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsධාන්‍ය වර්ග රැසක ආනයන පාලනය ඉවතට

ධාන්‍ය වර්ග රැසක ආනයන පාලනය ඉවතට

තෝරාගත් ධාන්‍ය වර්ග ආනයනය කිරීම සඳහා වන ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාව ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව 2024-05-01 දින වනවිට සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 126ක් යටතේ වර්ගීකරණය කරන ලද ආහාරයට ගනු ලබන තෝරාගත් ධාන්‍ය වර්ග සහ භාණ්ඩ වර්ග ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාවයට යටත් කරනු ලැබ ඇති අතර සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 53කට අදාළව ආනයන පාලන බලපත්‍ර නිකුත් කිරීම දැනට අත්හිටුවා ඇති බව රජය පවසනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ නිර්දේශ මත පදනම්ව දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා වන පරිදි අවශ්‍ය පියවර ගනිමින් මුං ඇට, කව්පි, කුරක්කන්, සෝයා පිටි සහ රට කජු, කුරක්කන් ආනයනය සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.