28.4 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගුටි කෙළියකින් සිසුවෙක් ජීවිතක්ෂයට

ගුටි කෙළියකින් සිසුවෙක් ජීවිතක්ෂයට

හම්බන්තොට, සිප්පිකුලම ප්‍රදේශයේදී සිසුන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් 15 හැවිරිදි පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හම්බන්තොට, බැද්දෙවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි පාසල් සිසුවෙක් බවයි පොලීසිය පැවසුවේ.

මොවුන් දෙදෙනා අතර පැවති ආරවුලක් දුරදිග ගොස් මෙම ගැටුම හටගෙන ඇති අතර පහරදීමෙන් බරපතල තුවාල ලැබූ සිසුවා හම්බන්තොට රෝහලට ඇතුළත් කර හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පහරදීම සිදු කළ සිසුවා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.