― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsනසාවු තණතීරුව ගැන ICC යෙන් තීරණයක්

නසාවු තණතීරුව ගැන ICC යෙන් තීරණයක්

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් භාවිත කරන නිව්යෝර්ක් හි නසාවු (Nassau) ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුව ප්‍රමිතියෙන් තොර බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරනවා.

මෙවර ලෝක කුසලානය වෙනුවෙන්ම නිව්යෝර්ක් හිදී ඉදිකළ මෙම ක්‍රීඩාංගණයේ තණ තීරුව ඕස්ට්‍රේලියාවෙන් රැගෙනවිත් එහි ස්ථාපිත කරනු ලැබූවක්.

මෙම ක්‍රීඩාංගණයේ මේ වනවිට ලෝක කුසලාන තරග දෙකක් පවත්වා ඇති අතර එහි පළමු තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතරයි.

දෙවන තරගය ඉන්දියාව සහ අයර්ලනත්ය අතර පැවැත්වුණා. එම තරග දෙකේදීම අඩු ලකුණු වාර්තා වීමත්, අනවශ්‍ය ඉපිලීමත් හේතුවෙන් තණතීරුවේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ඇති වූයේ දැඩි මතභේදාත්මක තත්ත්වයක්.

ඒ අනුව නිවේදනයක් නිකුත් කළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නසාවු හි මෙතෙක් භාවිතා කරන ලද තණතීරු සියල්ලන්ටම අවශ්‍ය තරම් ස්ථාවරව නොපැවති බව පවසනවා.

මෙම තත්ත්වයට පිළියම් යෙදීමට සහ ඉතිරි තරඟ සඳහා හොඳම මතුපිටක් ලබාදීමට වෙහෙස මහන්සි වී වැඩ කරමින් සිටින බවද අයිසීසිය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

නිව්යෝර්ක් හි නසාවු ක්‍රීඩාංගණයේ දී මෙවර ලෝක කුසලානයේ තවත් තරග 06ක් පැවැත්වීමට නියමිත අතර ඉහළම ප්‍රේක්ෂක අවධානයක් ලැබීමට නියමිත ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය ද මෙම ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.