― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsහජ් උත්සවය ලබන 17 වැනිදා

හජ් උත්සවය ලබන 17 වැනිදා

ශ්‍රී ලංකාවාසී මුස්ලිම් ජනතාව ජුනි 17 වැනිදා හජ් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය පසුගියදා (07) නිවේදනය කළා.

ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණයි.

ඉස්ලාමීය දින දර්ශනයට අනුව දෙවන ආගමික නිවාඩුව ලෙස සැලකෙන්නේ හජ් උත්සවය වන අතර එය ලොව පුරා මුස්ලිම් බැතිමතුන් විසින් මහත් බැතියෙන් සමරනු ලබනවා.

නබි නායකතුමන්ගේ ඉගැන්වීමට අනුව ඉස්ලාම් බැතිමතුන් සමගියෙන් එක්රැස් වෙමින් හජ් උත්සවය සමරනු ලබනවා.

ශාරීරික ශක්තිය හා මූල්‍යමය හැකියාවන් ඇති මුස්ලිම්වරුන් ඔවුන්ගේ ජීවිත කාලයේ එක් වරක් හෝ ඉටු කිරීමට බැඳී සිටින දින පහක වන්දනා ගමනක් වන හජ් වන්දනාවේ අවසානය, මෙම උත්සවයෙන් සනිටුහන් කරනවා.