― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලොකු පැටීගේ ගෝලයින් තිදෙනෙක් අත්අඩංගුවට

ලොකු පැටීගේ ගෝලයින් තිදෙනෙක් අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ‘අහුංගල්ලේ ලොකු පැටීගේ’ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන ප්‍රධාන ගෝලයන් තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමට සමගාමීව ඊයේ (09) කැස්බෑව පොලිස් වසමේ කැබැල්ල ගහ වත්ත පාර ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණා.

එහිදී මොවුන් සන්තකයේ තිබී පිස්තෝල අවි දෙකක් රුපියල් කෝටි තිහකට ආසන්න වටිනාකමකින් යුතු හෙරොයින් හා කුෂ් මත්ද්‍රව්‍ය සමඟ හමු වූ බවයි පොලීසිය පැවසුවේ.

එහිදී අහුංගල්ල ලොකු පැටීගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන වීරවිල, පාදුක්ක හා ගල්කිස්ස යන ප්‍රදේශයන් වල පදිංචි වයස අවුරුදු 24, 28, 48 පසුවන ප්‍රධානම ගෝලයන් තිදෙනෙකු 9ම්ම් වර්ගයේ පිස්තෝල අවියක්, මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක්, උණ්ඩ රහිත මැගසින් දෙකක්, රුපියල් කෝටි තිහකට ආසන්න වටිනාකමකින් යුතු හෙරොයින් කිලෝ 13, ග්‍රෑම් 106 ක්, හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 164 හා මෝටර් රථ 02 ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගනු ලැබූ තිදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.