― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsනිදි යහනේදී කතකගේ ගෙල කපා ඝාතනය කරලා

නිදි යහනේදී කතකගේ ගෙල කපා ඝාතනය කරලා

හොරණ, මීවනපලාන ප්‍රදේශයේදී නිදි යහනේ සිටි කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනය වී ඇත්තේ හොරණ, මීවනපලාන, සිරිල්ටන් වත්ත ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි උඩකන්දගේ රමනි සකුන්තලා නැමති කාන්තාවක් බවයි හොරණ පොලිසිය පැවසුවේ.

මියගිය කාන්තාව සහ ඇගේ නැගණිය පමණක් තනිව නිවසේ පදිංචිව සිට ඇති අතර අද අලුයම නිවසට පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසට තුළට ඇතුළු වී නැගණියගේ දෑත් හා කට රෙදි පටිවලින් ගැටගසා ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

ඉන්පසු මෙම පුද්ගලයින් දෙදෙනා අනෙක් සහෝදරියගේ නිදන කාමරය වෙත ගොස් ඇති අතර ඉන් මද වේලාවකට පසුව තම සහෝදරිය කෑගසනු ඇසුණු බවයි නැගණිය පොලීසිය හමුවේ පවසා ඇත්තේ.

පසුව නැගණිය දැක ඇත්තේ කාමරයේ ඇඳ මත නිදා සිටි තම සහෝදරියගේ ගෙල කපා ඝාතනය කර ඇති බවයි.

ඉන්පසු නැගණිය අසල්වැසි නිවසකට ගොස් 119 පොලිස් හදිසි ඇමතුම් අංකය හරහා මේ බව පොලීසියට දැනුම් දී තිබෙනවා.

මෙම ඝාතනය කුමන හේතුවක් මත සිදු කළේද යන්න තවමත් හෙළි වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.