― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතලෙයිඅඩි ප්‍රදේශයෙන් ගංජා කිලෝ 135ක් අල්ලයි

තලෙයිඅඩි ප්‍රදේශයෙන් ගංජා කිලෝ 135ක් අල්ලයි

යාපනය – වඩමාරච්චි නැගෙනහිර තලෙයිඅඩි ප්‍රදේශයේදී අද (13) අලුයම කේරළ ගංජා කිලෝග්‍රෑම් 135ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව වෙත්තලකේනි නාවික හමුදාව සහ විශේෂ කාරිය බලකාය එක්ව තලෙයිඅඩි ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි මෙම ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සෝදිසි මෙහෙයුම අතරතුරදී ජාවාරම්කරුවන් පලාගොස් ඇති අතර කේරළ ගංජා පැකට් කිලෝග්‍රෑම් 135ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මරුතංගේනි පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.